යුක්රේනයේ කියෙව් අගනුවර රාජ්ය විරෝධී උද්ඝෝෂණ තවදුරටත් උණුසුම් වී ඇති බවත්, ගැටුම් හේතුවෙන් මේ වනවිට මියගිය පිරිස 25 දක්වා වැඩි වී ඇති බවත් වාර්තා වෙයි.
අගනුවර පැවති උද්ඝෝෂණ අතිශය ප්රචණ්ඩකාරී ගැටුමක් දක්වා වර්ධනය වීම සම්බන්ධයෙන් විපක්ෂ නායකයන් වගකිවයුතු යැයි ජනපති වික්ටර් යුනිකොවිච් පවසයි.
ජනපතිවරයා සහ විපක්ෂ නායකයන් අතර පෙරේදා රාත්රියේ අවසන්වරට පැවැත්වුණු සාකච්ඡා බිඳ වැටීමත් සමග ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වී තිබේ.
කෙසේ වෙතත් රජය ඇවිලෙන ගින්නට පිදුරු දැමීම ගැටුම් උත්සන්න වීමට හේතුව බව ක්රියාකාරීහු පෙන්වා දෙති.
කියෙව් අගනුවර නිදහස් චතුරස්රයේදී යුක්රේන පොලීසිය විසින් ආසන්නතම පහරදීම සිදුකර තිබුනේ ග්රිනීච් වේලාවෙන් අලුයම 2.00ට පමණය. එහිදී උද්ඝෝෂකයන් රැඳී සිටි කූඩාරම් රැසක් ගිනිතබා තිබුණි.
බී.බී.සී.ය. පෙන්වා දෙන්නේ පසුගිය දෙසැම්බරයේ සිට උද්ඝෝෂකයන් විසින් අල්ලාගෙන සිටි චතුරස්රයේ එක් අන්තයක පාලනය සියතට ගැනීමට පොලීසියට හැකිවී ඇති බවයි.