දෙවැනි ලෝක යුද්ධයේ සෝවියට් හමුදාවන්ගේ විජයග්‍රහණය සිහිපත් කරන වාර්ෂික යුද පෙළපාලිය මොස්කව් රතු චතුරස්රයේදී පැවැත්විණි.
මීට සමගාමීව රුසියාව විසින් මෑතකදී අත්පත් කරගන්නා ලද යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපයේ යුද සැමරුම් පෙළපාලිය සෙවාස්ටපෝල් නගරයේදී පැවැත්විණි.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් ක්‍රිමියා යුද සැමරුමට සහභාගි වනු ඇති බව එරට මාධ්‍ය කියා සිටියද, එය ජනාධිපති ප්‍රකාශකයන් විසින් තහවුරු කර නොතිබිණි.
එමෙන්ම, යුක්රේනයේ නැගෙනහිර කලාපයේ රුසියානු හිතවාදීන් විසින් පැවැත්වීමට සූදානම් කර ඇති ජනමත විචාරණය රුසියානු ජනාධිපතිවරයාගේ ඉල්ලීමද නොසලකා පැවැත්වෙනු ඇති බවද වාර්තා වෙයි.
මේ අතර, රුසියාවට අයත් යුද නෞකා පෙළක් පසුගියදා ඉංග්‍රීසි ඕඩය තරණය කළ බවද කියැවෙයි. රුසියාවේ විශාලතම යුද නෞකාවක් ඒ අතර විය. කෙසේ වෙතත් මෙම නෞකා පෙළ බ්‍රිතාන්‍ය මුහුදු සීමා උල්ලංඝනය කරනු ඇතිදැයි යන්න පිළිබඳ නිරීක්ෂණයට විශේෂ බ්‍රිතාන්‍ය යුද නෞකාවක් යොදවා තිබුණු අතර, එය බ්‍රිතාන්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් ගනු ලැබූ ඉදිරි පියවරක් බව එරට ආරක්ෂක අංශ පැවසීය.