යුක්රේනයට හමුදා යැවීමේ පාර්ලිමේන්තු බලය පූටින් ඉවත්කර ගනී
යුක්රේනයට හමුදාව පිටත්කර යැවීම සඳහා පාර්ලිමේන්තුවෙන් ලැබූ අයිතිය වළක්වන ලෙස ඉල්ලා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් රුසියානු පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
මේ වනවිට නැගෙනහිර යුක්රේනයේ උද්ගතව ඇති උණුසුම්කාරී වාතාවරණය සමනය කිරීමේ ප්රථම පියවර ලෙස රුසියානු ජනාධිපතිවරයාගේ මෙම යෝජනාව ගැන යුක්රේනය සතුට පළ කර තිබේ.
පසුගිය මාර්තු 01 වැනිදා සිට යුක්රේනය තුළ හමුදාව යෙදවීමේ බලය එරට පාර්ලිමේන්තුව විසින් පූටින් වෙත ලබාදෙන ලදී.
නිවේදනයක් නිකුත් කරන යුක්රේන ජනාධිපති පේට්රෝ පොරොෂෙන්කෝ පවසන්නේ මේ තුළින් යුක්රේනයේ සාම වැඩපිළිවෙළට රුසියානු ජනාධිපතිවරයා සහාය පළ කර ඇති බවක් පෙනෙන්නට ඇති බවයි.
කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයේ සිට යුක්රේනයේ දකුණුදිග ක්රිමියා අර්ධද්වීපය යුක්රේනය විසින් ආක්රමණය කරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

