රුසියානු, ප්‍රංශ හා ජර්මනි නායකයන් එක්ව යුක්රේනයේ පවතින ගැටුම් නැවැත්වීම වෙනුවෙන් වඩාත් විධිමත් වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින්, ප්‍රංශ ජනපති ෆ්‍රංෂුවා හොලන්දේ සහ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් මොස්කව් නුවරදී පැය හතරකට වඩා අධික කාලයක් මෙම සාකච්ඡා පවත්වා තිබේ.
එහිදී, හොලන්දේ සහ මාකෙල් විසින් සාම වැඩපිළිවෙළ සම්බන්ධ යෝජනාවලියක්ද රුසියානු ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බව වාර්තා වෙයි.
යුක්රේනයේ ක්‍රියාත්මක කැරලිකරුවන්ට අවි ආයුද සැපයීම සම්බන්ධයෙන් රුසියාව වෙත චෝදනා එල්ල වුවත්, ඔවුන් එය තරයේ ප්‍රතික්ෂේප කරයි.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ඇරඹි ගැටුම් හේතුවෙන් මේ වනවිට නැගෙනහිර යුක්රේනය තුළ ජීවිත 5,400ක් අහිමි වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.