යුක්රේනයේ ඛාකිව් නගරයේ පරිපාලන ගොඩනැගිල්ලකට ඇතුළු වී සිටින රුසියානු හිතවාදීන් ඉවත් කිරීමේ මෙහෙයුමක් දියත් කිරීමට එරට ආරක්ෂක අංශ ක්‍රියා කිරීමත් සමග රුසියාවෙන් යුක්රේනයට රතු එළියක් දැලවී තිබේ.
එහීදි රුසියාව විසින් යුක්රේනයට අනතුරු ඇඟවීමක් කරමින් කියා ඇත්තේ, යුදමය වශයෙන් සූදානම් වීමක් නොකරන ලෙසත්, එය සිවිල් යුද්ධයකට මුල පිරීමක් වනු ඇති බවත්ය.
නමුදු යුක්රේනය විසින් සිදුකළ ඒ යුදමය සූදානම කුමක්ද යන්න රුසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ පැහැදිලිව සඳහන් කර නොමැති බව විදෙස් පුවත් සේවා පවසයි.
කෙසේ වෙතත් ඛාකිව් නගරයේ පරිපාලන ගොඩනැගිල්ලේ සිටි රුසියානු හිතවාදීන් 70ක් පමණ එකී මෙහෙයුමේදී යුක්රේන හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එසේ අත්අඩංගුවට පත් රුසියානු හිතවාදී ක්‍රියාකාරීන් පවසා සිටියේ ඛාකිව් හා ඩන්යෙස්ක් යන යන නගර යුක්රේනයෙන් ස්වාධීනත්වය ලබාගත යුතු බවය. ඒ වෙනුවෙන් ජනමත විචාරණයකට යා යුතු බවද ඔවුහු පැවසූහ.
කෙසේ වෙතත්, මේ තත්ත්වය යුක්රේනයේ ක්රිමියාවට අත්වූ ඉරණම සෙසු පළාත් වෙතද ගලායාමක් බවත්, රුසියාව තම ආක්‍රමණය ක්‍රමයෙන් සිදුකරමින් සිටින බවත් විදෙස් පුවත් සේවා පවසයි.