නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් හි ප්‍රධාන ගුවන්තොටුපොළ ටර්මිනලය ආශ්‍රිතව ගැටුම් පැවති කලාපයෙන් තම හමුදා ඉවත් කළ බව යුක්රේන ආරක්ෂක අංශ පවසයි.
කෙසේ වෙතත් ගුවන් තොටුපොළෙන් කොටසක් තවමත් තම පාලනයේ පවතින බව පෙන්වා දෙන යුක්රේනය පවසන්නේ පසුගිය කාලය තුළ සිය සොල්දාදුවන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 16 දෙනෙකු තුවාල ලැබූ බවයි.
මේ අතර, මධ්‍යම ඩොනෙට්ස්ක් හි ෂෙල් ප්‍රහාරයක් හේතුවෙන් බස් රථයක ගමන් කළ සිවිල් වැසියන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
සටන් විරාමයක් පැවතියත් යුක්රේන හමුදාව හා කැරලිකරුන් අතර වරින්වර ඩොනෙට්ස්ක් හි ගැටුම් උත්සන්න වූ බව පවසයි.