යුක්රේන සටන් විරාම ගිවිසුම පැය කිහිපයක් ඇතුළත ක්‍රියාවට නැංවෙනු ඇති බවට ඇමෙරිකාව විශ්වාස කරන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි.
මේ අතර, ජෝන් කෙරී රුසියානු විදේශ අමාත්‍යවරයාට අනතුරු අඟවා සිටින්නේ ගිවිසුම සමග එකඟ නොවන්නේ නම් රුසියාව තවත් ප්රතිවිපාකයන්ට මුහුණ දෙනු ඇති බවයි.
කෙසේ වෙතත්, සාකච්ඡාවන්ගෙන් පසුව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් පවසා ඇත්තේ සාම ගිවිසුම පිළිබඳ නියත වර්ධනයක් තමන් බලාපොරොත්තු වන බවයි.
මිනිස්ක් හි සටන් විරාමය සමග ඉදිරි ආරක්ෂක වළල්ලේ වූ බර අවි සියල්ල ඉවත් කළ බව යුක්රේන මෙන්ම කැරලිකාර හමුදා යන දෙපාර්ශ්වයම පවසයි.