යුක්රේනයේ ගැටුම් නැවැත්වීමේ අරමුණින් බ්රසල්ස් නුවරදී දීර්ඝ සාකච්ඡා වටයක් පැවති බව විදෙස් වාර්තා පවසයි.
රුසියාව, යුක්රේනය, ජර්මනිය, ප්රංශය එක්ව මෙම සාකච්ඡා පැවැත්වූ අතර, සාකච්ඡා අවසානයේදී ඔවුන් පවසා සිටියේ සටන් විරාමය පෙබරවාරි 15 වැනිදා ආරම්භ වන බවයි.
එමෙන්ම, අවි හරණය හා සිරකරුවන් හුවමාරු කරගැනීම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වයම කැමැත්ත පළ කර ඇති තිබුණත්, විසඳිය යුතු මූලික ප්රශ්න රැසක් පවතින බවත් කියයි.
නැගෙනහිර යුක්රේනයේ රුසියානු හිතවාදී කැරලිකරුවන් සටන් විරාමයකට මීට පෙර අත්සන් කර තිබුණද, වසර කිහිපයක සටන්වලදී ජීවිත රැසක් අහිමි විය.
මෙම සටන් විරාමය බිඳ වැටීම පිළිබඳව රුසියාවට චෝදනා එල්ල වුවත්, රුසියාව ඒ චෝදනා එවකට ප්රතික්ෂේප කළේය.