යුක්රේනයේ නව ජනාධිපතිවරයා ලෙස නිල වශයෙන් දිවුරුම්දීම සිදුකළ පෙට්රෝ පෝරෝෂෙන්කෝ රටේ නැගෙනහිර පළාතේ සිදුවන ගැටුම් නවත්වමින් රටට සාමය උදාකිරීමේ සැලැස්මක් සකස් කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
48 හැවිරිදි ධන කුවේරයෙකු වන නව ජනාධිපතිවරයා පසුගිය මැයි 25 වැනිදා පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා යුක්රේනයේ නව නායකයා බවට පත්වූ අතර, ඔහු පවසා සිටින්නේ අර්බුදය විසඳීමට යුද්ධයක් හෝ පළි ගැනීමේ න්‍යායක් තමන් අනුගමනය නොකරන බවයි.
නමුත්, ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, යුක්රේනයෙන් මෑතකදී රුසියාවට ඈඳා ගත් ක්රිමියාව තවදුරටත් යුක්රේනයේම කොටසක් ලෙස තමන් සලකන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් වෙත පවසා සිටි බවයි.
මේ අතර, සිය රටේ ඉදිරි අනාගතය යුරෝපයත් සමග බැඳී පවතින බවද යුක්රේනයේ නව ජනාධිපතිවරයා පවසා ඇත.
කියෙව් අගනුවර පැවති දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව අදහස් දැක් වූ ජනාධිපති පෝරෝෂෙන්කෝ යුක්රේනය යුරෝපා හවුලේ පූර්ණ සාමාජික රටක් බවට පත් කරනු ලැබීම සඳහා තමා ක්‍රියාත්මක වන බවද පවසා ඇත.
රස කැවිලි නිෂ්පාදනය හරහා ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු බවට පත්වූ පෝරෝෂෙන්කෝ, යුක්රේනයේ අර්බුදය අවසානයකට ගෙන ඒමට මුල පුරමින් පවසා සිටියේ දෑතේ ලේ නොතැවරුනු ඕනෑම පුද්ගලයකුට සමාව ප්රදානය කෙරෙන සාම සැලැස්මක් ඉදිරිපත් කරන බවයි.