ඉන්දියාවේ වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයට බලයට පත්වීමත් සමග එරට සුළුතර ජනතා දරුණු ප්රහාරයන්ට ලක්වන බවට ඇමෙරිකානු කොංග්රස් නියෝජිත පිරිසක් ඉදිරිපත් කර ඇති වාර්තාව ඉන්දියාවේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
මෙම වාර්තාව මගින් ඉන්දියාව සම්බන්ධයෙන් අතිශය සීමිත අවබෝධයක් ඇමෙරිකාව සතු බව ප්‍රකට වන්නේ යැයි එරට විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙයි.
හින්දු දැඩිමතධාරීන් විසින් සුළුතර ජනතාව කෙරෙහි දක්වන කෙණහිලිකම්වලට නිසි ප්‍රතිචාර දැක්වීමක් වත්මන් රජය සිදු නොකරන බවට එම වාර්තාවෙන් චෝදනා නඟා ඇත.
කෙසේ වෙතත්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සියලු ආගමික කණ්ඩායම් ආරක්ෂා කරන බවට තහවුරු කර ඇතැයි ඉන්දියාව කියයි.