ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් ඉන්දියාවේ කෝවිලක් ඉදිකරමින් පැවති බවත්, අගමැතිවරයාට මේ බව සැලවීමෙන් පසුව එය අත්හිටුවා ඇති බවත් වාර්තා වෙයි.
සිය නායකයාට මෙන්ම, තමන්ගේ ජාතික ප්‍රතිරූපය ලෙස සලකන අනුගාමිකයාට ගෞරව කිරීමටත්, ඔහු වෙත පුද පුජා පැවැත්වීමටත් මෙසේ කෝවිලක් සකස් කර ගත් බව ඔහුගේ පාක්ෂිකයෝ පවසා තිබුණි.
කෙසේ වෙතත්, ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගමැති මෝදි පවසා තිබෙන්නේ මෙම අදහස තමාව විස්මයට පත් කිරීමට සමත් වූ නමුත් මෙම තීරණය ඉන්දියානු සංස්කෘතියට පටහැනි තීරණයක් බවයි.
අගමැති නරේන්ද්‍ර මෝදි උපන් ගුජරාට් ප්‍රාන්තයේ ඔහුගේ ආධාරකරුවන් පවසන්නේ මෝදි වෙනුවෙන් ගොඩනැගීමට නියමිතව තිබූ කෝවිල ඉන්දියානු මාතාව වෙනුවෙන් ගොඩනැගීම වෙනුවෙන් සිය තීරණය වෙනස් කරන බවයි.