ගිණිකොණදිග අප්‍රිකානු රාජ්‍යයක් වූ මොසම්බික් වෙරළින් හමුවූ ගුවන් යානා සුන්බුන් මීට වසර දෙකකට පමණ පෙර අතුරුදන් MH370 යානයේ සුන්බුන් විශ්වාස කෙරෙයි.
මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 වර්ගයේ මෙම යානය පුද්ගලයන් 239 දෙනෙකු සමග මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බීජිං බලා පියාසර කරමින් සිටියදී 2014 මාර්තු මාසයේදී අතුරුදන් විය.
මැලේසියානු ප්‍රවාහන අමාත්‍ය ලිඕව් තිඕග් ලයි පවසන්නේ මෙසේ හමුවූ ගුවන් යානා සුන්බුන් බොහෝ දුරට එම අතුරුදන් වූ යානයේ කොටස් බවට විශ්වාස කළ හැකි බවයි.
මේ අතර, මෙම යානය සොයා සිදුකළ දැවැන්ත සෝදිසි මෙහෙයුමේ යෙදී සිටින ඔස්ට්‍රේලියාව පවසන්නේ ඔවුන් මීට පෙර යානයේ කොටස් ගමන් කරනු ඇතැයි පුරෝකථනය කළ සාගර දිය වැල් ගමන්මාර්ග සමග සැසඳීමේදී මෙම කොටස් හමුවූ ස්ථානයද නිවැරදි ඉසව්වක් බවයි.
කෙසේ වෙතත්, මෙම යානය සාගර පතුලේ රැඳී ඇති බවට විශ්වාස කරමින් යානය අතුරුදන් වූ කලාපය පිළිබඳ තොරතුරු ගවේෂණය කර සාගර පතුලේද දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කරමින් තිබේ.
මේ අතර, මැලේසියානු අමාත්‍යවරයා පවසන්නේ අදාළ සුන්බුන් කොටස් එම යානයේම කොටස් බවට තහවුරු කරගන්නා තුරු ඒ ගැන ස්ථිර වශයෙන්ම ප්‍රකාශයක් කළ නොහැකි බවයි.