රුසියාවේ මොස්කව් නගරය වෙත දිනක් තුළ ඇද හැලුණු වැඩිම හිම පතනයට මුහුණ දෙමින් නගරයේ ගස් 2000ක් පමණ ඇද වැටී, ගුවන් ගමන් අඩාල වී තිබේ.
මාසයකට සාමාන්‍යයෙන් වැටෙන හිම පතනයෙන් අඩක්, එනම් අඟල් 15ක පමණ හිම පතනයක් පසුගිය සෙනසුරාදා දිනයේදී පමණක් මොස්කව් නගරයට ඇද වැටී තිබුණේ, වර්ෂ 1957 දී පැවති වාර්තාව බිඳ හෙලමිනි.
ගස් කඩා වැටීම හා විදුලි රැහැන් කඩා වැටීම හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.
කෙසේ වෙතත්, ඉරිදා රාත්‍රිය වන විට හිම පතනයේ යම් අඩුවීමක් පැවතියද, පවතින සීත කාලගුණික තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ අංශ පවසා තිබුණි.
රුසියාවේ මොස්කව් ගුවන් තොටුපොළේ ගුවන් ගමන් රැසක් පමා වී තිබූ නිසා ගුවන් මගීන් රැසක් ගුවන් තොටුපොළ තුළ කොටුවී සිටි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.