සෝමාලියාවේ මොගඩිෂු අගනුවර වරාය පරිශ්‍රය ආසන්නයේ පිපිරීගිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 29 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
අල්-ක්වයිඩා ත්‍රස්ත සංවිධානය හා සම්බන්ධ අල්-ෂබාබ් ඉස්ලාම් අන්තවාදීන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, වරාය පරිශ්‍රයට ඇතුළු වන ස්ථානයේ මෙම මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගෙන තිබේ.
එරට පොලීසිය පවසන පරිදි ප්‍රහාරයෙන් වරාය පරිශ්‍රයේ සේවකයන් මෙන්ම, ඒ ආශ්රිත වෙළෙඳ සැල්වෙත පැමිණි සාමාන්‍ය ජනතාව ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් කියැවෙයි.
වරාය පරිශ්‍රයේ ආරක්ෂාවට සිටි පොලීසිය ඉලක්ක කරමින් තමන් මෙම ප්‍රහාරය එල්ල කළ බව අල්-ෂබාබ් සංවිධානය පවසා ඇති බවත්, එය ළඟ එන ජනාධිපතිවරණය කෙරෙහි වූ අනතුරු ඇඟවීමක් බවත් ත්රස්තයන් පවසා තිබේ.