ට්‍රම්ප් ඇමෙරිකානු ජනපති ධුරයට පත්ව මාස 5කට පසුව බිරිඳ මෙලානියා ට්‍රම්ප් සහ බාල පුතු බැරන් ට්‍රම්ප් ධවල මන්දිරයේ පදිංචියට පැමිණි බව ධවල මන්දිර වාර්තා පවසයි.
මෙතෙක් ඇමෙරිකානු ජනපති ධුරය දැරූ පුද්ගලයන්ගේ බිරින්ඳෑවරු තම ස්වාමිපුරුෂයන් එම පදවියට තේරීපත් වූ විගසම ධවල මන්දිරයේ පදිංචියට පැමිණි නිසා, මෙලානියා මෙවැනි කාලයක් ගෙන පැමිණීම කතාබහට ලක්වන පුවතක් විය.
මෙතෙක් නිව්යෝක් නුවර ට්‍රම්ප් ටවර් හි මෙලානියා සිය 11 හැවිරිදි පුතු සමග ගත කළ අතර, මේ ආකාරයෙන් ජනපති පවුල එහි රැඳී සිටීම නිසා නිව්යෝක් හි ආරක්ෂක තත්ත්වය වර්ධනය කිරීමට මෙන්ම, ඇතැම් අවස්ථාවල අධික වාහන තදබදයන් ඇති වීමටද හේතු විය.
බැරන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්ද මෙලානියා වැඩි අවධානයක් යොමුකළ නිසා ඇය නිව්යෝක් නුවරම රැඳී සිටි බවද කියැවෙයි.
කෙසේ වෙතත්, ධවල මන්දිරයට පැමිණි මෙලානියා සිය ට්විටර් ගිණුමෙහි ධවල මන්දිරයේ සිට ගනු ලැබූ ඡායාරූපයක් සමග තමන්ගේ නව නිවසට පැමිණීම සඳහන් කර තිබුණේ ඇය ඊට කැමැත්තක් දක්වන බව හඟවමිනි.