ඇමෙරිකානු ජනපති ආර්යා මෙලානියා ට්‍රම්ප් සම්බන්ධයෙන් පසුගිය දිනවල මාධ්‍යවල පළ වූ ව්‍යාජ පුවත් කිසිදු සාධාරණයක් නැති, දුෂ්ට ක්‍රියාවන් බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.
සුළි කුණාටු කාලගුණික තත්ත්වයන්ට පෙර සූදානම් වීමේ අරමුණින් පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප් සති කිහිපයකට පසුව මාධ්‍ය ඉදිරියට පැමිණි අවස්ථාවේදී ජනපති ට්‍රම්ප් මෙම අදහස් දැක්වීය.
එහිදී, ජනාධිපති ට්‍රම්ප් සමීපයේ හා සැහැල්ලුවෙන් අසුන්ගෙන සිටි මෙලානියා පෙන්වමින් ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ ඇය ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි.
ඇමෙරිකානු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක්ද මෙම සාකච්ඡාවට සහභාගි වී සිටි අතර, එහිදී, ට්‍රම්ප් කියා සිටියේ ඇය ඉතා සුළු දුෂ්කර කාලයක් පසු කළත්, ඊට හොඳින් මුහුණ දුන් බවයි. ඇය ගැන ආඩම්බර වන බවද ට්‍රම්ප් කියා සිටියේය.
පසුගිය මාසයේදී මෙලානියා අක්මාවේ ආබාධයක් හේතුවෙන් සුළු ශල්‍යකර්මයකට භාජනය වූ අතර, ඉන් පසුව ඇය කෙටි කාලයක් විවේක සුවයෙන් පසු වූවාය.
මෙම කාලය තුළ බොහෝ ඇමෙරිකානු මාධ්‍ය විසින් මෙලානියා ධවල මන්දිරය හැරගොස් ඇති බවට සැක සංකා පළ කරන්නට විය. එමෙන්ම, ට්‍රම්ප්ගේ අනියම් පෙම් පළහිලව් නිසා ඇය කෝපයෙන් පසුවන බවද කියා තිබුණි.
කෙසේ වෙතත්, මෙම අවස්ථාවේදී ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ කවුරු කෙසේ කීවත් ඇමෙරිකානු ජනතාව ඔබට ආදරය කරන බවයි.