ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මහල් නිවාස සංකීර්ණයක් තුළ පුද්ගලයෙකු මරා දමා තවත් කාන්තාවක ප්‍රාණ ඇපයට ගෙන සිටි ත්‍රස්තයෙකු ආරක්ෂක අංශ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගොඩනැගිල්ල තුළ පුපුරණ ද්‍රව්‍ය ඇතුළුව එක් අයෙකු දැනටමත් මරා දමා ඇති බවට ලද තොරතුරු අනුව විශේෂ ආරක්ෂක කණ්ඩායම් ඒ ස්ථානය වෙත පැමිණ තිබුණි.
එහිදී, කාන්තාවක ප්‍රාණ ඇපයට ගෙන සිටි 29 හැවිරිදි යාකුබ් ඛයර් නමැත්තා මෙම ප්‍රාණ ඇප සිද්ධිය අතරතුර කියා සිටියේ තමන් ඉස්ලාම් රාජ්‍යයේ IS සංවිධානය වෙනුවෙන් කටයුතු කරන්නෙකු බවයි.
මෙම පුද්ගලයා ප්‍රාණ ඇපයට ගෙන සිටි කාන්තාව බේරාගැනීමට යාමේදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා තිබූ අතර, අදාළ කාන්තාව නිරුපද්‍රිතව බේරාගනීමට හැකිවී තිබේ.
වික්ටෝරියා පොලිස් ප්‍රධානියා කියා සිටියේ ඉදිකිරීම් කම්කරුවෙකු ලෙස කටයුතු කර ඇති මෙම පුද්ගලයා වැරදි වෙලාවක වැරදි තැනක මෙම පහරදීම සිදුකර ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම සැකකරු පිළිබඳව මීට පෙරද පොලීසිය අවධානයෙන් පසුවී ඇති අතර, ඔහු ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් මෙන්ම, අල්-කයිඩා සංවිධානය පිළිබඳවද ගුණ ගයන්නෙකු ලෙස හඳුනාගෙන තිබී ඇත.
කෙසේ වෙතත්, මෙය ත්‍රස්ත සංවිධානයේ හැසිරවීමක් මත හෝ හුදකලා ප්‍රහාරයක් ලෙස සිදුකළේද යන්න පිළිබඳව තවමත් පැහැදිලි නොමැති බවද වික්ටෝරියානු පොලිස් ප්‍රධානියා පවසයි.