ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන් තොටුපොළ ආසන්නයේ සිදුවූ ගුවන් යානා අනතුරින් පසුව එම ගුවන් තොටුපොළේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කර තිබේ.
මෙම ගුවන් අනතුරින් ඇමෙරිකානු සංචාරකයන් සිව් දෙනෙක් හා ඔස්ට්‍රේලියනු ජාතික ගුවන් නියමුවෙකුට දිවි අහිමි වූ අතර, මෙම සැහැල්ලු ගුවන් යානය අඟහරුවාදා උදෑසන මෙල්බර්න් ගුවන් තොටුපොළ ආසන්නයේ වූ වෙළෙඳ සංකීර්ණයක් වෙත කඩා වැටී තිබුණි.
මෙල්බර්න් නුවර එසෙන්ඩොන් ගුවන් තොටුපොළෙන් ගුවන් ගතවූ යානය ඉන් සුළු මොහොතකට පසුව මෙසේ අනතුරට පත්ව තිබුණි.
කෙසේ වෙතත්, මෙම අනතුරින් දැඩි අලාභානි සිදුවූ වෙළෙඳ සංකීර්ණය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසයි.
මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණයක් අරඹා ඇති අතර එහි ප්‍රතිඵල ලබන මාසයේදී නිකුත් කරන බව ගුවන් ආරක්ෂාව සම්බන්ධ බලධාරීහු පවසති.