මෙක්සිකෝවේ, මෙක්සිකෝ සිටි හි මාතෘ හා ළමා රෝහලක් අසලදී ගෑස් පුරවාගත් ලොරියක් පුපුරායාම හේතුවෙන් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එහිදී, තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර, එම අවස්ථාවේදී මෙම රෝහල තුළ පුද්ගලයන් 100ක් පමණ සිටි බව කියයි.
මෙම අවස්ථාවේදී සහන කණ්ඩායම් කඩිනමින් පැමිණ එම ගොඩනැගිල්ල තුළ රැඳී ඇති පුද්ගලයන් සොයා මෙහෙයුම් දියත් කළ බවද කියයි.
මෙක්සිකෝ සිටි හි බටහිර කෝණයේ සිදුවූ මෙම අනතුරි ප්රබල පිපිරීමක් ලෙස සැලකෙන අතර, ඉන් රෝහලේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ගොස් තිබේ.