මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ කලාපයට ඇතුළු වෙමින් පවතින පැට්රීෂියා සුළි කුණාටුව 5 වැනි අවස්ථාවේ ප්රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතින බව කාලගුණ අංශ පවසයි.
මෙය මීට වසර කිහිපයකට පෙර පිලිපීනයට බලපෑ හයියාන් සුළි කුණාටුවේ ප්රබලත්වය ඉක්වමින් පවතින බවද කාලගුණ අංශ පෙන්වා දෙන්නේ, මෙය අතිශය බරපතල විය හැකි බවයි.
2013 නොවැම්බර් 08 වැනිදා බලපෑ හයියාන් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 6,300ක් ජීවිතක්ෂයට පත්වූ අතර, එහි ගමන්මාර්ගයේ සියල්ල විනාශය වී ගියේය.