මෙක්සිකෝවේ, මෙක්සිකෝ සිටි නගරයේ ඇති වූ භු කම්පනයෙන් මියගිය පිරිස අතර සිටි ප්‍රාථමික විදුහල් සිසුන් සංඛ්‍යාව 21ක් බවත්, එම පාසලේ තවත් වැඩිහිටියන් 5 දෙනෙකුද මින් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
රික්ටර් පරිමාණ 7.1ක අති ප්‍රබල භූ කම්පනයෙන් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති සමස්ත පිරිස 230 ඉක්මවන බවත්, භූ කම්පනය හේතුවෙන් රට පුරා දැවැන්ත හානියක් සිදුව ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
මේ අතර, සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා සිදුකරන සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බවද මෙක්සිකෝ බලධාරීහු පවසති.
විශේෂයෙන්ම භූ කම්පනයෙන් විනාශ වූ ප්‍රාථමික පාසලේ සුන්බුන් අතර සිරවී සිටි දැරියක ජීවතුන් අතර සිටියදීම බේරාගැනීමට සමත්වීමත් සමග බලාපොරොත්තු සහගත සෝදිසි කිරීම් වේගවත් කර ඇති බවද සඳහන් වෙයි.
භූ කම්පනයෙන් විනාශ වී ඇති ප්‍රධාන ගොඩනැගිලි අතර දේවස්ථාන කිහිපයක්ම පවතින බවත්, පසුකම්පන ඇතිවීමේ බිය හේතුවෙන් බොහෝ දෙනෙකු ඊයේ රාත්‍රී කාලය එළිමහන් ස්ථානවල රැඳී සිටි ආකාරය දැකගත හැකි වූ බවත් සඳහන් වෙයි.