මෙක්සිකෝවට බලපෑ රික්ටර් පරිමාණ 7.1ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 200 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙක්සිකෝ ජනපති එන්රීක් පීනා නීටෝ පවසා සිටියේ භූ කම්පනය හේතුවෙන් පාසලක් කඩා වැටී සිසුන් 20 දෙනෙකු ජීවතක්ෂයට පත්ව තවත් 30කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවයි.
මධ්‍යම මෙක්සිකෝ සිටි නගරයට බලපෑ මෙම භූ කම්පනයෙන් ගොඩනැගිලි රැසක් සුන්බුන් බවට පත්ව ඇති අතර, භූ කම්පනයේ ප්‍රබලත්වය අසල රාජ්‍යයන් වෙතද දැනී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මීට වසර 32කට පෙර ජීවිත දහස ගණනක් බිලි ගනිමින් මෙක්සිකෝ සිටි වෙත බලපෑ භූ කම්පනය සිහිකැඳවමින් නගරයේ පිරිසක් භූ කම්පනයකට මුහුණදීමේ අභ්‍යාසයක යෙදී සිටීමෙන් මොහොතකට පසුව මෙම භූ කම්පනය ඇතිවී තිබීමද විමතිය දනවන්නක් වී තිබේ.
කෙසේ වෙතත්, මෙක්සිකෝව යනු නිරන්තරයෙන් භූ කම්පනයන්ට ගොදුරුවන රාජ්‍යයක් වන අතර, මෙම මස මුලදී දකුණුදිග මෙක්සිකෝවේ සිදුවූ රික්ටර් පරිමාණ 8.1ක භූ කම්පනයෙන් ජීවිත හානි 90ක් සිදුවූහ.
.jpg)
.jpg)
.jpg)
.jpg)