දින 66ක කාලයක් මහ සයුරේ අතරමංව සිටි ඇමෙරිකානු ජාතිකයෙකු බේරා ගැනීමට ජර්මානු නෞකාවකට හැකිවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මාස දෙකකට වැඩි කාලයක් මෙසේ මහ සයුරේ අතරමංව සිට ඇත්තේ 27 හැවිරිදි ලිවිස් ජෝර්ඩන් නැමැත්තෙකි.
එරට උතුරු කැරොලීනා වෙරළින් සැතපුම් 200ක් පමණ දුරින් යාත්රා කරමින් තිබූ ජර්මානු නෞකාවක සේවකයන් විසින් මෙම තැනැත්තා බේරා ගෙන තිබේ.
අත්ලාන්තික් සාගරයේ දින 66ක් අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරමින් සිය ජීවිතය ගැටගසාගෙන ඇති ඔහු පසුගිය ජනවාරි මස අගභාගයේදී අතුරුදන්ව ඇත්තේ මසුන් ඇල්ලීම සඳහා බෝට්ටුවකින් සාගරයට ගිය අවස්ථාවේදීය.
අමු මාළු ආහාරයට ගැනීමෙන් හා වැසි ජලය පානය කිරීමෙන් ඔහු මෙම කාලය දිවි ගෙවා ඇති බවද ඔහුගේ පාපොච්චාරණයෙන් අනාවරණය වී තිබේ.