ඉන්දියානු සාගරයේ දකුණුදිගට වන්නට සාගර පතුලේ ඇති සුන්බුන් බොහෝ දුරට අතුරුදන් MH370 යානයේ විය හැකි බව යානය සෙවීමේ මෙහෙයුමට සම්බන්ධ ඔස්ට්‍රේලියානු මුදාගැනීමේ කණ්ඩායමක් පවසයි.
සෝනාර් භාවිතයෙන් සාගර පතුලේ ගනු ලැබූ ඡායාරූපවල පෙට්ටි හැඩයේ යමක් දක්නට ලැබෙන අතර, ඊට ආසන්නයෙන් තවත් පැතලි හැඩයේ තරමක් දිග කොටස් පහක්ද දැකිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
මෙම මෙහෙයුම සිදුකරන ෆියුග්රෝ සමාගම ඔස්ට්‍රේලියානු ප්‍රවාහන හා ආරක්ෂණ බියුරෝව සමග සම්බන්ධ වෙමින් වසරකට වැඩි කාලයක් ඇ.ඩො.මිලියන 60කට වැඩි වියදමක් දරමින් අතුරුදන් යානය සෙවීමේ කටයුතුවල නිතර වීය.
පසුගිය ජූලි මාසයේදී යානයේ පියාපත් කොටසක් රියූනියන් දූපතෙන් හමුවීමත් සමග MH370 යානය අනතුරට පත්ව ඇති බව තහවුරු වූ අතර, යානයට සිදුවූයේ කුමක්දැයි යන්න දැනගැනීම සඳහා අලුත් බලාපොරොත්තුවක් ඇති විය.