ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාගේ බාල දියණිය වූ සාෂා, රාජතාන්ත්රික භෝජන සංග්රහයකදී ජනප්රිය රංගන ශිල්පී රයන් රෙනෝල්ඩ්ස් හමුවූ මොහොතේ දැක්වූ හැසිරීම අභියස ඇගේ වැඩිමහල් සොහොයුරිය මාලියා, සිය නැගෙණිය ධෛර්යවත් කළ අභිනය දැක්වෙන ඡායාරූපය සමාජජාල තුළ වේගයෙන් පැතිරෙමින් තිබේ.
කැනඩාවේ අභිනවයෙන් පත්වූ අග්රාමාත්ය ජස්ටින් ටෘඩෝ වෙනුවෙන් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා සංවිධානය කළ රාත්රී භෝජන සංග්රහය වෙනුවෙන් ප්රථම වරට සහභාගී වීමේ අවස්ථාව පසුගියදා ජනාධිපති දියණියන්ටද උදාවිය.
17 හැවිරිදි මාලියා මෙන්ම, 14 හැවිරිදි සාෂාද මහත් වූ ඕනෑකමකින් මෙම භෝජන සංග්රහයට සහභාගී වී සිටි අතර, කැනේඩියානු ජාතික රයන් රෙනෝල්ඩ්ස් මෙන්ම, තවත් කැනේඩියානු ජාතික නළු නිළියන් හා විශේෂ සම්භාවනීය අමුත්තන් පිරිසක් මීට එක්වූහ. රයන් මෙම අවස්ථාවට එක්ව සිටියේ සිය බිරිඳ වූ බ්ලේක් ලයිව්ලි සමගිනි.
කෙසේ වෙතත්, මෙම සුවිශේෂී මොහොතේදී ඔබාමාගේ බාල දියණිය සාෂාට, ඇගේ හදවතේ වීරවරයෙකු වූ රයන් සමග කතාබහ කිරීමේ අවස්ථාව උදාවූ අතර, එම අවස්ථාවට ඇය මහත් ආයාසයකින් මුහුණදෙන විට ඇය අසලින් සිටි මාලියා සිය දෑතින් දැක්වූ අභිනය, නැගෙණියගේ ධෛර්යය ඉහළ නැංවීමේ අරමුණින් හෝ ඇය ඒ අභියෝගය (රයන් සමග කතාබහ කිරීම) ජයගැනීම සැමරීමට කළ එකක් විය හැකි බවට විවිධ මත පළ විය.
මේ අතර, එදින සාෂා සහ මාලියා සැරසී සිටි සුවිශේෂී ගවුම්වල වටිනාකම ඇ.ඩො.20,000ක් හෙවත්, ආසන්න වශයෙන් රු.ලක්ෂ 30ක් පමණ වන බවද කියැවෙයි.