මුස්ලිම් කාන්තාවන් ලෙස සැරසී සිරියාවේ, මන්බීජ් නගරයෙන් පළා යෑමට උත්සාහ කළ IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් කිහිප දෙනෙකු ඔවුන්ට එරෙහිව මෙහෙයුම් සිදුකරන සටන් කණ්ඩායමකට හසුව තිබේ.
සම්පූර්ණ කළු ඇඳුමකින් සැරසී, හිස හා මුහුණු ආවරණය කරමින් කාන්තාවන් ලෙසින්ම සැරසී ඔවුන් මෙසේ එම නගරයෙන් පැන යාමට උත්සාහ කර ඇත්තේ, එහි වෙසෙන සිවිල් වැසියන්ට නගරය අත්හැර පළා යාමට ඒකාබද්ධ හමුදාවන් විසින් පැය 48ක කාලයක් ලබාදීමත් සමගිනි.
ඒ අනුව, මෙසේ කාන්තාවන් ලෙස සැරසුණු ඉස්ලාම් රාජ්‍ය ත්රසත්යන් තිදෙනෙකු ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතාන්ත්‍රික සටන් කණ්ඩායම් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී, අත්අඩංගුවට පත්වූවෙකු පවසා ඇත්තේ තමන් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ස්නයිපර්කරුවෙකු ලෙස කටයුතු කළ බවයි.
මෙම නගරය වෙත ඒකාබද්ධ හමුදා දරුණු ප්‍රහාරයක් එල්ල කරන බවත්, එහිදී, ඔවුන්ට ජීවිත දානයෙන් නගරයෙන් ඉවත් වීමට පැය 48ක කාලයක් ලබාදෙන බව නිවේදනය කිරීමත් සමග මෙසේ ත්‍රස්තවාදීන්ද සාමාන්‍ය ජනතාව අතර පැමිණ තිබේ.
කෙසේ වෙතත්, නගරයේ රැඳී සිටින බොහෝ ත්රස්තයන් මෙහිදී සාමාන්‍ය ජනතාව වැඩි පිරිසකට ඉන් ඉවත්වීමට ඉඩ නොදී ඇති බවත්, සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස යොදාගෙන ඇති බවත් විදෙස් වාර්තා පවසයි.