2008 වසරේදී මුම්බායි නුවරට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස චෝදනා ලැබූ සකූර් රෙහ්මන් ලඛීවි පාකිස්තාන අධිකරණයක් විසින් නිදහස් කර තිබේ.
රාවල්පින්ඩි අධිකරණය විසින් අද උදෑසන ඔහු නිදහස් කරනු ලැබීය.
මෙම නිදහස් කිරීමත් සමග ප්‍රකාශයක් නිකුත් කළ ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ මෙය අවාසනාවන් හා කණගාටුදායක තත්ත්වයක් බවයි.
පසුගිය දෙසැම්බර් මාසයේදී අත්අඩංගුවට පත්වූයේ මුම්බායි ප්‍රහාරය මෙහෙයවූයේ යැයි පවසමිනි.