2008 මුම්බායි ප්රහාරයට සම්බන්ධ මහ මොළකරු පාකිස්තානයේදී තම චෝදනාවලට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑල ජයග්රහණය කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
සාකි උර් රෙහ්මාන් ලක්වි නමැත්තාගේ නීතීඥයන් පෙන්වා දෙන්නේ රජය ඔහුට ඉදිරිපත් කළ චෝදනා ඔහුගේ අයිතිවාසිකම් උල්ලංඝනයකළ අවස්ථාවක් බවයි.
කෙසේ වෙතත්, මෙම නඩුවට අදාල ලිපිගොනු සකස් වූ වහාම ඔහු නිදහස් වනු ඇති බවද විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
ඉන්දියාව පවසන්නේ පාකිස්තාන සටන්කාමීන් පිරිසක් මෙම ප්රහාරය එල්ල කළ බව හා ඉන් පුද්ගලයන් 165 දෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවයි.