ඇමෙරිකානු ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා 'අඩි උස සපත්තු පැළඳි වැඳිරියක' බවට සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ කාන්තාව ඉදිරියේදී යළි සිය සේවා ස්ථානයට වාර්තා කරනු ඇති බව බටහිර වර්ජීනියා ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
පැමෙලා රැම්සේ ටෙයිලර් නමැති මෙම කාන්තාව වෙස්ට් වර්ජීනියා ප්‍රාන්තයේ, ක්ලේ කන්ට්‍රි ප්‍රදේශයේ ආදායම් නොලබන පුණ්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය අතර, මෙම සිදුවීමත් සමග ඇතිවූ ආන්දෝලනය නිසා ඇය සේවයෙන් ඉවත්ව ගියාය. කෙසේ වෙතත්, මෙම තැනැත්තිය එළැඹෙන දෙසැම්බර් 23 වැනිදා යළි සේවයට වාර්තා කිරීමට නියමිත බව එම පුණ්‍ය ආයතනය උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා පවසයි.
අගේ මෙම ෆේස්බුක් අදහස අන්තර්ජාලය තුළ විශාල ලෙස හුවමාරු වූ අතර, ක්ලේ නගරයේ නගරාධිපතිනියද ඊට සහාය දක්වමින් අදහස් ප්‍රකාශ කිරීමට යෑමෙන් ඇයටද සිය නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.
එහිදී, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමත් සමග මෙම තැනැත්තිය සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ, "තත්ත්වයක් ඇති, අතිශය සුන්දර, ගෞරවයට පමුණුවන ජනාධිපති ආර්යාවක් ධවල මන්දිරයට පැමිණීම ප්‍රබෝධමත් කරන අවස්ථාවක් වේවි. අඩි උස සපත්තු පැළඳි වැඳිරියක් දැකලම මට එපා වෙලා" යනුවෙනි.
මෙම ක්ලේ නගරය 491ක පමණ ජනගහනයකින් යුතු නගරයක් වන අතර, ඒ පළාත තුළ කළු ජාතික ඇමෙරිකානුවෙක් සොයාගැනීමටවත් නොමැත. එමෙන්ම, ක්ලේ කන්ට්‍රි ප්‍රදේශයේ 9,000ක් පමණ ජනගහනය සුදු ජාතිකයන් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස 98%ක් බව වාර්තා වෙයි.