මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ සංහාරයක් සිදුවන බවට විදෙස් වාර්තා හා ඇතැම් බටහිර සංවිධාන ගෙනයන ප්රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව නොබෙල් සම්මානලාභී අවුන්සාන් සුකී පවසයි.
ඇය සමග බී.බී.සී.ය සිදුකළ සුවිශේෂී සංවාදයකදී මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අවුන්සාන් පවසා සිටියේ, යම් ගැටලු තත්ත්වයක් පැවතියත් එය කිසිදු ආකාරයක වාර්ගික සංහාරයක් නොවන බවයි.
එමෙන්ම, රොහින්ග්‍යා හෝ රටින් පැන ගිය වෙනත් පිරිසක් හෝ වේවා ඒ ඕනෑම අයෙකු වෙතොත් ඔවුන් සැම භාරගැනීමට මියන්මාරය පසුබට නොවන බවද එරට නිල නොලත් නායිකාව ලෙස පිළිගැනෙන සුකී කියයි.
කෙසේ වෙතත්, බලධාරීන් සමග සහයෝගයෙන් කටයුතු කරන මුස්ලිම්වරුන්ව, මුස්ලිම්වරුන් විසින්ම ඝාතනය කරන බව පැවසූ සුකී සඳහන් කළේ විදෙස් මාධ්‍ය පෙන්වන ආකාරයේ වාර්ගික යුද්ධයකට වඩා මෙය බෙදීවෙන්වී සිටින මිනිසුන් අතර පවතින ගැටුමක් පමණක් බවයි.