මියන්මාරයේ රොහින්ග්‍යා වැසියන්ට එරෙහිව එරට හමුදාව දැඩි ක්‍රියාමාර්ගයක් ගෙනයන බවත්, එය මානව වර්ගයාට එරෙහි අපරාධයක් ගණයට වැටෙන බවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසා තිබේ.
මියන්මාරයේ සුළුතර රොහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව මෙවැනි අමානුෂිකත්වයක් සිදුවන බව මෙම සංවිධානය පවසා සිටියත්, මියන්මාර රජය මෙන්ම එරට ආරක්ෂක අංශ එය තරයේ ප්‍රතික්ෂේප කරයි.
විශේෂයෙන්ම මෙම ජනතාව වැඩි වශයෙන් ජීවත් වන රක්කෙන් නගරයේ සිදුවන ඉස්ලාම් අන්තවාදය සමග ගොඩනැගුණු ත්රස්තවාදයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයක් හැර තමන් සාමාන්‍ය වැසියන් ඉලක්ක කිරීමක් සිදුකර නොමැති බව මියන්මාර රජය හා ආරක්ෂක අංශ අවධාරණය කරයි.
නමුත්, බටහිර මාධ්‍ය මෙන්ම, මෙවැනි සංවිධාන මගින් දිගින් දිගටම මෙවැනි සුළුතර ප්රශ්නවලදී ප්රජාතන්ත්රවාදී රාජ්‍යයන්ගේ ස්වාධීනත්වයට හා ස්වෛරීත්වයට අතපෙවීම අද ඊයේ සිට සිදුවන්නක් නොවන බවද පැහැදිලිය.
මේ අතර, මියන්මාර නායිකා අවුන්ග් සාන් සුඛී සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කලාපීය රටවල නායකයන් 19 වැනිදා එරටට පැමිණෙන බවත් විදෙස් වාර්තා පවසයි. එමෙන්ම, මියන්මාරය තුළ ජන සංහාරයක් සිදුවන බවට මැලේසියාව චෝදනා කරන බවද එම විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.