මියන්මාරයේ දකුණුදිග රඛයිනේ පළාතේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ පැනනැගුණු අර්බුදයෙන් පසුව, මේ වනවිට එරට උතුරු පළාතේ කචින් පළාතේ කචින් කිතුණු සටන්කාමීන්ගෙන්ද අර්බුදයක් පැනනැගී ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.
කචින් සටන්කාමීන් එරට හමුදා සමග ඇති කරගත් ගැටුම් සමග 4,000ක පමණ සරණාගතයන් පිරිසක් අප්‍රේල් මාසයේ මුල සිට මේ දක්වා තම ගම්බිම් අත්හැර යමින් සිටින බව කියයි.
කචින් ස්වාධීන සංවිධානය ලෙස පෙනී සිටින මෙම පිරිස එම පළාත තුළ වෙනම කිතුණු පළාතක් අල්ලා ගැනීම සඳහා මෙම අරගලය සිදුකරන බව කියැවෙයි.
දකුණු ප්‍රදේශයේ රඛයිනේ පළාත තුළ වෙනම මුස්ලිම් පළාතක් සඳහා රොහින්ග්‍යා සටන්කාමීන් සටන්වල නිරත වෙයි.
කෙසේ වෙතත්, මේ වනවිට විදෙස් ප්රමුඛ පෙළේ බටහිර ගැති මාධ්‍ය මෙම පුවත මියන්මාරය වෙත පමණක් ඇඟිල්ල දිගු කරමින් උලුප්පා දක්වන බව පුවත් විශ්ලේෂණය කිරීමේදී මොනවාට පැහැදිලි වෙයි.
ලෝකයේ ප්‍රමුඛතම බෞද්ධ රාජ්‍යයක් වන මියන්මාරය වෙත බටහිර බළල් හස්ත මගින් ඇති කරන දරුණු ඛේදවාචකයක අඳුරු සෙවනැලි මෙම සුළුතර ජනකණ්ඩායම් උසිගැන්වීම තුළ ඔවුන් ඇති කරමින් සිටින බව ස්වාධීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.