මියන්මාර්යේ චීන දේශසීමා ආසන්නයේදී එරට වාර්ගික කැරලිකරුවන් හා රජයේ හමුදා අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයන් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියන්මාරයේ, කොකැන්ග් පළාතේ, ලොවුකායි ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය දියත් වී ඇති අතර, එහිදී කාලතුවක්කු මෙන්ම, ගිනි අවි යොදාගෙන සිදුකළ වෙඩි තැබීම් සිදුව තිබේ.
මෙම කැරලිකරුවන් පොලිස් නිල ඇඳුමින් සැරසී ප්‍රහාරයට පැමිණ ඇති අතර, මෙය එරට හමුදා බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක් බවද කියැවෙයි.
මියගිය පිරිස අතර සාමාන්‍ය වැසියන් 5ක්, පොලිස් නිලධාරීන් 5ක් සහ කැරලිකරුවන් 20ක් පමණ සිටින බව මියන්මාර වාර්තා පවසයි.
මියන්මාරයේ අවුන් සාන්ග් සුකී මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙම ප්‍රහාරයෙන් අහිංසක සාමාන්‍ය වැසියන්ට දිවි අහිමි වූ බවයි. ඒ අතර, පාසල් ගුරුවරියක්ද සිටින බව ඇය කියයි.