මිත්‍ර සංග්‍රහයක් හේතුවෙන් චෝදනා ලබා සිටි දකුණු කොරියානු ජනපතිනී පාක් ග්වෙන්-හයි ට එරෙහිව පැවති පාර්ලිමේන්තු දෝෂාභියෝගයේදී ඇයගේ පක්ෂයේ පිරිස් පවා ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.
ඊයේ පැවති ඡන්ද විමසීමේදී මෙම දූෂණ චෝදනාව සම්බන්ධයෙන් වූ දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 234ක් ලැබුණු අතර, ඊට එරෙහිව ලැබූ තිබුණේ ඡන්ද 56ක් පමණි. මේ ප්‍රතිඵලය සමග ඇයගේ පක්ෂයේ සභිකයන් පවා ඇයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබූ බව ප්‍රකට විය.
ඒ අනුව, දකුණු කොරියාවේ අගමැති හ්වන්ග් ක්යෝ-අහ්න් එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය.
කෙසේ වෙතත්, දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් පසුවද නැවතත් ජාතිය අමතමින් ඇය කියා සිටියේ තමාගේ වගකීමකින් තොර ක්‍රියාව සම්බන්ධයෙන් සමා වන ලෙසය.
ජනපතිනියගේ සමීප හිතවතියක මෙන්ම සහායිකාවක වෙත අනවශ්‍ය බලයක් හා මූල්‍ය අවභාවිතයක් සිදුකිරීමට අවස්ථාව සැලසුවේ යැයි චෝදනා ලැබූ ඇය බලයෙන් ඉවත් විය යුතු බවට එරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වීදිබැස උද්ඝෝෂණය කළහ.
අවසානයේදී, දෙවරක් ජනතාවගෙන් සමාව ගත් ඇය තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව කියා සිටි අතර, එම අස්වීමේ තීරණය පාර්ලිමේන්තුවට භාරකළේය.
ඒ අනුව, ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලද අතර, එයින්ද පරාජයට පත්වූ ඇය මිත්‍ර සංග්‍රහය හමුවේ මේ ආකාරයෙන් ගෙදර ගියාය.