මැලේසියාව ත්‍රස්ත විරෝධී පනත සම්මත කරයි
ඉස්ලාමීය අන්තවාදීන්ගේ බලපෑම මැඩපැවැත්වීම වෙනුවෙන් මැලේසියානු රජය විසින් ඉදිරිපත් කළ ත්‍රස්ත විරෝධී පනත එරට පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මැලේසියාවේ අගනගරය වන ක්වාල ලම්පූරු නගරය ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ ත්‍රස්ත සැකකරුවන් 17 දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පැය කිහිපයකට පසුව මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත වීමද විශේෂත්වයකි.
මැලේසියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සහීඩ් හමීඩි පවසන්නේ මෙසේ අත්අඩංගුවට ගත් අයගෙන් ළාබාලම කෙනාගේ වයස අවුරුදු 14ක් බවයි.
ඔවුන්, මැලේසියාවේ පොලිස් ස්ථාන හා හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර ආයුධ රැස් කිරීමට සැලසුම් කර ඇති බව එරට පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු මෑතකදී සිරියාවේ සිට පැමිණි අයවලුන් බවද කියයි.
මැලේසියානු රජය ත්‍රස්ත විරෝධී නීති බලාත්මක කිරීමට කටයුතු කරන අතර, ඒ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්ද පැවැත්වීමට සූදානම්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

