මැලේසියානු ගුවන් සේවයට අයත් යානයක පසුගිය වසරේදී බෝම්බ බියක් ඇති කළ ශ්‍රී ලාංකිකයාට ඔස්ට්‍රේලියාවේදී සිර දඬුවම් නියම වී තිබේ.
මනෝද් මාර්ක් නමැති 26 හැවිරිදි මොහු පසුගිය වසරේ මැයි මාසයේදී ක්වාලලම්පූර් දක්වා පියාසර කරන MH128 දරණ මැලේසියානු ගුවන් සේවයට අයත් යානයේ නියමු කුටියට ඇතුළු වීමට උත්සාහ කරමින් යානය යළි මෙල්බර්න් දක්වා හරවාගෙන යෑමට උත්සාහ කර තිබුණි.
තමන් බෝම්බයක් සමග සිටින බව පවසමින් ඔහු මෙම ක්‍රියාව සිදුකර තිබුණු අතර, පසුව ඔහු සමීපයේ බෝම්බයක් නොමැති බවත්, එය මත්ද්‍රව්‍ය නිසා ඇති වූ මානසික ව්‍යාධියක් බවත් තහවුරු කරගෙන තිබුණි.
ඔස්ට්‍රේලියානු යානයක් පැහැර ගැනීමට උත්සාහ කළ අයෙකු එරට තුළ සිරභාරයට ගැනුණු ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙයි.
ඔහුට එරෙහිව දඬුවම් නියම කරමින් විනිසුරුවරයා පවසා සිටියේ ඔහුට උපරිම වසර 12ක සිර දඬුවමකට යටත් වීමට සිදුවනු ඇති බවයි.