මැලේසියානු අගමැති නජීබ් රසාක්ට එල්ලවී ඇති දූෂණ චෝදනා හේතුවෙන් ඔහු ධුරයෙන් ඉවත්විය යුතු බවට ක්වාලලම්පූර් නුවර දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් පැවැත්වෙයි.
මෙම උද්ඝෝෂණයේ දෙවැනි දිනයේදී මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් මහතාද උද්ඝෝෂකයන් අතරට එක්ව සිටිනු දක්නට ලැබුණි.
ඔහුව ඉවත් කිරීමට ජනතාව ජනතා බලය පෙන්නාවි යනුවෙන් එහිදී හිටපු අගමැතිවරයා පවසා සිටියේය.
ඇ.ඩො.මිලියන 700ක විදෙස් ආධාර මුදලක් රසාක් අගමැතිවරයාගේ පෞද්ගලික ගිණුමකට බැරවී ඇති බවට මෙම චෝදනා එල්ල වීමට ප්රධාන හේතුවයි.