කියුබාවේ හිටපු ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝ මාස 14කට පසුව ප්‍රසිද්ධියේ පෙනී සිටි අවස්ථාවක ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කියුබාව වෙත පැමිණි වෙනිසියුලා බලධාරීන් පිරිසක් සමග ඉතා හුදකලා හමුවීමක් ලෙස එරට ප්‍රාදේශීය පාසලක සිදුවූ හමුවකදී ඔහු මෙසේ ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත.
88 වැනි වියෙහි පසුවන කැස්ත්‍රෝ එරට විමුක්ති සටනේ නියමුවෙකු ලෙස සැලකෙන අතර, මේ වනවිට ඔහුගේ සෞඛ්‍යය තත්ත්වය යහපත් බවද කියැවෙයි.
පසුගිය වසරේ ජනවාරි මාසයේදී ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් පසු ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටි ප්‍රථම අවස්ථාව මෙයයි.