මාවෝවාදී කැරුලිකරුවන් ඉන්දීය පොලිස් නිලධාරීන් 24 දෙනෙකු මරා දමා ඇති බව එරට මාධ්‍ය වර්තා පවසයි.
ඉන්දියාවේ මධ්‍යම ප්‍රාන්තයක් වන චාටිස්ගාර් හිදී එල්ල වූ මෙම ප්‍රහාරය මෑත කාලයේදී කැරලිකරුවන් විසින් එල්ල කරන ලද ප්රබලතම ප්‍රහාරයක් ලෙස සැලකෙයි.
මෙම ප්‍රහාරය සම්බන්ධ තොරතුරු එතරම් වාර්තා නොවූවත්, ප්‍රහාරය සඳහා කැරලිකරුවන් 300ක් පමණ සහභාගි වී ඇති බවට අභ්‍යන්තර තොරතුරු වාර්තා වී තිබේ.
මාවෝවාදී කැරලිකරුවන් පවසා ඇත්තේ තමන් කොමියුනිස්ට් පාලනයක් වෙනුවෙන් සහ තම ගෝත්‍රික ජනයාගේ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් සටහන් වදින බවයි.