මාලදිවයින තුළ විදේශිකයන්ට ඉඩම් ලබාගැනීමේ නීතියක් ප්රථම වරට එරට තුළ සම්මත කිරීම ජනපති අබ්දුල්ලා යමීන් විසින් පිළිගෙන තිබේ.
මෙම නීතිය සම්මත කරගන්නා තුරු මාලදිවයින් භූමියෙන් කිසිම කොටසක් විදේශිකයෙකුට මිලදී ගැනීමට නොහැකි විය.
කෙසේ වෙතත්, මෙම නීතිය සම්මත කිරීමෙන් පසු යම් විදේශිකයෙක් ඇ.ඩො.බිලියනයකට වඩා වැඩි මුදලක් ආයෝජනය කරන්නේ නම් ඔවුන්ට එහි අයිතිය ලබාගත හැකි වෙයි.
මේ තත්ත්වය තුළ චීනය මාලදිවයිනේ ඉඩම් මිලදී ගෙන ඒ තුළ චීන කොලනියක් ඇතිකර ගනු ඇති බවට විවේචන පවතී.
නමුත්, එරට බලධාරීන් එය ප්රතික්ෂේප කරමින් පවසන්නේ මෙය වාණිජ මට්ටමින් ලබාදෙන විදේශ ආයෝජනයක් පමණක් බවයි.