මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සිදුකළේ යැයි පවසමින් එරට උප ජනාධිපති අහමඩ් අද්හීබ් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපතිවරයා ඇතුළු පවුලේ අය ගමන් කළ බෝට්ටුවක් තුළ බෝම්බයක් පුපුරා යෑම නිසා මාලදිවයින් ජනාධිපතිවරයා මෑතකදී අනූනවයෙන් සිය ජීවිතය බේරාගත් අතර, මෙම එරට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් විය.
මේ පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමෙන් පසුව උපජනාධිපති අහමඩ් අද්හීබ් අධි කුමන්ත්‍රණ චෝදනා යටතේ සිර දූපතක රඳවා ඇති බව මාලදිවයින් රජයේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට පවසා ඇත.
කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසුව එරට තුළ කලබල පැතිර යාම වැළැක්වීමේ ආරක්ෂක පියවරක් වශයෙන් මාලේ අගනුවර අතිරේක හමුදා රැඳවීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.