මෙම කාලයේදී අත්ලාන්තික් සාගරය හරහා පැමිණෙන තවත් දරුණු සුළි කුණාටුවක් වන මාරියා යළිත් පස් වැනි ප්‍රවර්ගයේ සුළි කුණාටුවක් දක්වා සිය ශක්තිය වර්ධනය කරමින් කැරිබියන් දූපත් රාජ්‍යයක් වන ඩොමිනිකා වෙත ඇතුළු වී තිබේ.
එරට තුළට ඇතුළු වී දැවැන්ත විනාශයක් සිදුකිරීමන් අනතුරුව මෙහි ප්‍රවේගය 4 දක්වා අඩු වුවද, තවදුරටත් පැයට කිලෝමීටර 260ක් දක්වා සුළං දහරා ඇති කරමින් එහි චණ්ඩ බව වර්ධනය වන බව සඳහන් වෙයි.
එමෙන්ම, මාරියා සුළි කුණාටුව පසුගිය සතියේද මහා විනාශයක් සිදුකළ අර්මා සුළි කුණාටුව ඇදෙන මාර්ගයේම ඇදී ඒමද විශේෂත්වයක් වී තිබේ.
මේ වනවිට මාරියා සුළි කුණාටුව වර්ජින් දූපත් සහ පොර්ටෝ රිකෝව වෙතට ඇදෙමින් පවතින බව කියයි.

.jpg)