ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පැවති ප්රචාරක රැලියක් අමතමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඔහු පවසා ඇත්තේ මාධ්‍යයට සත්‍ය වාර්තා කිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි. ඒ වෙනුවට ඔවුන් ඔවුන්ගේම න්‍යාය පත්රයන්ට අනුව කටයුතු කරන බව ට්‍රම්ප් අවධාරණය කර තිබේ.
එමෙන්ම, තම ජනපති ධුරයේ මේ දක්වා පැමිණි ගමන් මග පිළිබඳව වඩාත් සතුටුවන බව පවසා ඇති ට්‍රම්ප්, සර්ව සුභවාදය ඇමෙරිකාව අතුගා දමා ඇති බවද පවසා ඇත.
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදීද ට්‍රම්ප් ඇමෙරිකාවේ ප්‍රධාන දහරාවේ මාධ්‍ය වෙත දැඩි විවේචන එල්ල කළ අතර, නව ජාතික ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින්ගේ හදිසි ඉල්ලා අස්වීමත් සමග මාධ්‍ය තවත් ට්‍රම්ප් වෙත පහර පිට පහර එල්ල කිරීම මීට හේතු විය.
කෙසේ වෙතත්, ෆ්ලොරීඩා හි පැවති රැස්වීම සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, ඔහු මාධ්‍ය වෙත දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරන විට ජනතාව කෑ ගසමින් ඊට ප්‍රතිචාර දක්වා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.