තමා පිලිපීනයේ දවාවෝ නගරයේ නගරාධිපතිවරයාව සිටි කාලයේදී මත්ද්‍රව්‍ය ජාවාරමට නතුවූ පුද්ගලයන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බව එරට ජනපති රොඩ්රිගෝ ඩුටාර්ටේ තහවුරු කර තිබේ.
"මම හිතන්නෙ මම ඔවුන්ගෙන් තුන්දෙනෙක්ව මැරුවා. මගේ තුවක්කුවෙන් කොතරම් පතුරම් ප්‍රමාණයක් ඔවුන්ගේ ශරීර පසාරු කරගෙන ගියාද කියල මම දන්නෙ නැහැ. එය සිදුවුණා. ඒ ගැන බොරු කියන්න මට උවමනාවක් නැහැ."
කෙසේ වෙතත්, ඩුටාර්ටේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයා විසින් පෞද්ගලිකව මෙවැනි වෙඩි තැබීමක් සිදුව නොමැති බව පවසා පැය කිහිපයකට පසුව ජනාධිපතිවරයා ඒ ප්‍රකාශයද ඉවත දමමින් තම ක්‍රියාව පිළිගෙන ඇත.
පසුගියදා ජනාධිපති මන්දිරය වෙත පැමිණි ව්‍යාපාරික නායකයන් පිරිසක් ඇමතූ ජනාධිපතිවරයා පවසා සිටියේ, "දවාවෝ හිදී මම ඒකට මගේ අත්දෙකෙන්ම සිදුකළා. මොකද, මට පුළුවන් නම් පොලීසියටත් ඒක කරන්න බැරි ඇයිද කියන පණිවුඩය ලබාදෙන්නයි මට උවමනා කළේ."
"මම යතුරුපැදියක නැගී දවාවෝ වීදිවල සංචාරය කළා. ඇත්තටම නගරාධිපතිවරයා විදියට මම දවාවෝ නගරයේ මුර සංචාර කළා කිව්වොත් නිවැරදියි. නගරයේ ගැටලු ඇති කරන්නන් සොයාගියා. ඔවුන් මට මුණ ගැසුණොත් මම ඔවුන් ඝාතනය කළා."
පිලිපීන ජනාධිපතිවරයාගේ එරටින් මත්උවදුර හා මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කරන බව පවසමින් බලයට පැමිණි අතර, ඔහු බලයට පත්වීමෙන් පසුව සෑම දිනකම පාහේ එරට වීථියක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඝාතනය වී සිටීම සුලභ දසුනක් වී තිබේ.
මෙය බටහිර දෝෂ දර්ශනයට ලක්වුවත්, ඩුටාර්ටේ පවසන්නේ තම රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම තමාගේ වගකීමක් බවයි.