පාකිස්තානයේ චිත්රාල් දිස්ත්රික්කයේ ගංවතුරට නතු වූ මුස්ලිම් පල්ලියක්, එහි සිටි බැතිමතුන්ද සමග ගංවතුරේ ගසාගෙන ගොස් ඇති බව පාකිස්තාන ආපදා කළමනාකරණ ආයතනය පවසයි.
ඉන්දියාවේ හා පාකිස්තානයේ උතුරුදිග කලාපයේ මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට දරුණු ගංවතුර හා නායයෑම් තත්ත්වයක් ඇති වී තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
මෙම අයහපත් කාලගුණකි තත්ත්වය හේතුවෙන් පාකිස්තානයේ පුද්ගලයන් 40කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.එමෙන්ම, ආරක්ෂක මුරකුටියක්ද ජලයේ ගසාගෙන ගොස් එහි සිටි හමුදා භටයන් 8 දෙනෙකු අතුරුදන්ව ඇති බවද වාර්තා වෙයි.
මීට අමතරව, උතුරුදිග ඉන්දියාවේ උත්තර්කාන්ද් හා අරුන්චාල් පළාත්වල ගංවතුර හා නයයෑම් හේතුවෙන් පුද්ගලයන් 30කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
නයයෑම් නිසා ආපදාවට පත්වූ ඇතැම් ස්ථානවලට ළඟවීමට සහන කණ්ඩායම්ද දැඩි පරිශ්රමයක් යොදන බවද කියැවෙයි