මහල් ගොඩනැගිල්ලි අනතුර ගැන උතුරු කොරියානු බලධාරින් සමාව අයදී
උතුරු කොරියාවේ ප්යොන්ග්යැන්ග් නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මේ සම්බන්ධයෙන් කොරියානු බලධාරීන් ප්‍රසිද්ධියේ සමාව අයැද ඇති බව කියැවෙයි.
පසුගිය අඟහරුවාදා මෙම අනතුර සිදුව ඇති අතර, කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය එම සමාව අයැදීම සම්බන්ධයෙන් වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත් මෙම අනතුරින් කොපමණ පිරිසක් මරණයට පත්ව ඇතිද යන්න පැහැදිලි නැතත්, නිල නොවන වාර්තාවන්ට අනුව පුද්ගලයන් 100කටවැඩි පිරිසක් මෙම අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විශ්වාස කෙරෙයි.
එම ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකින් හා නිරීක්ෂණයකින් තොරව, වගකීම් පැහැර හරිමින් ඉදිකිරීම නිසා මෙම අනතුර සිදුව ඇති බව කියැවෙයි.
මෙම අනතුර සිදුවූ සැණින් ඔවුන් මුදාගැනීම වෙනුවෙන් විශේෂ මුදාගැනීමේ මෙහෙයුමක් සිදුකළ බවත්, තුවාලකරුවන් ඉක්මණින් රෝහල් වෙත යැවීමට කටයුතු කළ බවත් එහි වැඩිදුරටත් කියවුණි.
එහිදී, තුවාලකරුවන් සංඛ්‍යාවද හෙළි නොකළත්, මෙම සිදුවීමෙන් ප්යොන්ග්යැන්ග් නගරවාසීන් කම්පනයට පත්ව ඇති බව කියා තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

