බ්‍රසීලයේ සාඕ පෝලෝ නුවර මහල් ගොඩනැගිල්ලක් ගින්නට හසුව විනාඩි 90ක කාලයක් තුළ සම්පූර්ණයෙන් ගිනිගෙන කඩා වැටී තිබේ.
මහල් 26 කින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ ඇතිවූ ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන හමුදාව දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇත.
මෙම ගින්නෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පිරිසක් තුවාල ලබා ඇති බව කියයි.
මෙම ගොඩනැගිල්ල මීට පෙර එරට ෆෙඩරල් පොලිස් මූලස්ථානය ලෙස පැවතී ඇති අතර, පසුව එය අත්හැර දමා පැවති බව එරට මාධ්‍ය වාර්තා කරයි.