මහජන මුදල් අයුතු ලෙස පරිහරණය කිරීමේ චෝදනාවන්ට වැරදිකරු වූ ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් වෙත වසර තුනක සිර දඬුවමක් නියම කෙරුණු බව එරටින් වාර්තා වෙයි.
මෙම නඩු විභාගයේදී ඔහුගේ පුතුන් දෙදෙනා වූ අලා සහ ගමාල් යන දෙදෙනාද මෙම චෝදනාවට වැරදිකරුවන් වූ අතර, ඔවුන්ටද වසර 4 බැගින් වූ සිර දඬුවම් නියම කෙරිණි.
මෙම දඬුවම්වලට අමතරව ඔවුන්ට ඇ.ඩො.මිලියන 3ක දඩ මුදලකට යටත්වීමට සිදුවූ අතර, ඔවුන් විසින් අයුතු ලෙස පරිහරණය කරමින් සොරා ගත්තේ යැයි කියන ඇ.ඩො.මිලියන 17.6ක මුදල නැවත ගෙවා දමනට ලෙසටද නියෝග කර තිබේ.
2011 වසරේදී මුබාරක් බලයෙන් පහ කිරීම සඳහා ඇති වූ උද්ඝෝෂණය මැඩපැවැත්වීම සඳහා උද්ඝෝෂකයන්ගේ මරා දැමීමට අණදුන්නේ යැයි චෝදනා ලැබ 86 වැනි වියෙහි පසුවන මුබාරක් මේ වනවිටත් සිර දඬුවම් විඳිමින් සිටියි.