මලාවි ජනාධිපතිවරණයෙන් එරට විපක්ෂයේ අපේක්ෂක පීටර් මුතාරිකා ජයග්‍රහණය කර ඇති බව වාර්තා වෙයි.
ප්රගතිශීලී ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයා වන පීටර් සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් 36.4% ක ප්‍රතිශතයක් ලබාගෙන ඇති බව එරට මැතිවරණ කොමිසම නිවේදනය රකයි.
පසුගිය සතියේ පැවති මැතිවරණයේ නැවත ඡන්ද ගණන් කිරීමක් ඉල්ලමින් පැවති උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලීසිය එල්ල කර ප්‍රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්විය.
බලයෙන් ඉවත්ව යන ජොයිස් බන්ඩා ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මැතිවරණය දූෂිත එකක් බවයි.
මුතාරිකා හිටපු මලාවි ජනාධිපති බින්ගු වා මුතාරිකාගේ සහෝදයා වන අතර, එරට විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අයෙකි.
මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් විරෝධතා මතු වුවද, අවසානයේ අධිකරණය විසින් ප්‍රතිඵලය නිදොස් කළේය.