උසස් පෙළ ප්‍රතිඵල සමග මලාලා යූසෆ්සායි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල ප්‍රවේශයට වරම් ලබාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
නොබෙල් සාම ත්‍යාගයෙන් පවා පිදුම් ලැබූ මලාලා, මේ වනවිට බ්‍රිතාන්‍යයේ, බර්මින්ග්හැම් නුවර ජීවත් වෙයි.
20 වැනි වියෙහි පසුවන මලාලා පාකිස්තානයේදී ජිහාඩ් අන්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක්වූයේ වර්ෂ 2012 දීය.
ඒ ගැහැණු දරුවන්ට අධ්‍යාපන වරම් දිනාදීම වෙනුවෙන් පාකිස්තානය තුළ තනිව හඬක් නැගීමට ඇය කටයුතු කළ නිසාය.
කෙසේ වෙතත්, එම ප්‍රහාරයෙන් ජීවිතය බේරාගත් මලාලා වැඩිදුර ප්‍රතිකාර සඳහා බ්‍රිතාන්‍යයට පැමිණි අතර, පසුව ඇයට බ්‍රිතාන්‍යයේ ජීවත්වීමේ අවස්ථාව උදාවිය.
මේ විභාග ජයත් සමග මලාලා පාකිස්තාන අගමැතිනියක වූ බෙනාසීර් භූතෝ අධ්‍යාපනය ලැබූ ආයතනයේම, ඇය ඉගෙනගත් පාඨමාලාවම හැදෑරීමට අවස්ථාව හිමිවීමද විශේෂත්වයක් බව විදෙස් වාර්තා පවසයි.